නීතිවිරෝධී ලෙස දුරකථන සහ පෙන් ඩ්‍රයිව් රැගෙන යාමට උත්සාහ කළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

නීතිවිරෝධි ලෙස ගුවන් මගින් මෙරටට රැගෙන යන ලද ජංගම දුරකතන තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අද (17) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම වැටලීම සිදුකර තිබුණේ ගුවන්තොටුපොළ පරිශ්‍රයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන් තොටුපොළ ඒකකයේ නිලධාරීන් විසින්.

නීති විරෝධි ලෙස විවිධ වර්ගයේ ජංගම දුරකතන 1,081ක් හා Pen Drive 200ක් සමග සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 24 හා 59 වයස්වල පසුවන කොළඹ 12 හා කොළඹ 14 ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි සඳහන් වන්නේ.

පොලිසිය පවසන්නේ වැඩිදුර විමර්ශන සඳහා සැකකරුවන් ගුවන්තොටුපොළ රේගු නිලධාරින් වෙත භාරදීමට නියමිත බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *