නුවරඑළියේ හෝටලයක් ගින්නකින් විනාශ වෙයි

නුවරඑළිය නගර මධ්‍යයේ පිහිටි හෝටලයක අද (31) දහවල් ගින්නක් හටගෙන තිබෙනවා.

ගෑස් කාන්දුවක් හේතුවෙන් හෝටලයේ මුළුතැන්ගෙය තුළ අදාළ ගින්න හටගෙන ඇති බවයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ.

අප වාර්තාකරු සඳහන් කළේ මෙම ගින්න හේතුවෙන් කිසිවෙකුටත් හානියක් සිදු වී නොමැති අතර දේපොළ හානි පමණක් සිදු ව ඇති බවයි.

නුවරඑළිය මහ නගරසභාවේ ගිනි නිවීමේ ඒකකය සහ ප්‍රදේශවාසීන් එක්ව කඩිනමින් ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

නුවරඑළිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *