නොසිතු මොහොතක මාතරදි පත්තු වු වෙඩිල්ලෙන් එක් අයෙකු ජිවිතක්ෂයට

මාතර පොලිස් වසමේ රුවන් ඇල්ල මාර්ගයේ ගමන් කරමින් තිබු ත්‍රිරෝද රථයකට මාකාවිට හන්දියත් මද්දුමගේවත්ත හංදියත් අතර ස්ථානයකදි සුදු පැහැති මෝටර් රථයකින් පැමිණි කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් එල්ල කරන ලද වෙඩි පහරකින් එම ත්‍රිරෝද රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ

මෙම වෙඩි තැබිම අද(15) පස්වරු 5.30 ත් 6.00ත් අතර සිදුව ඇති බවත් වෙඩි තැබිමෙන් මිය ගොස් ඇත්තේ කැකණදුර මිණිපුර හංදිය ප්‍රදේශයේ පදිංචි දිසානායක මොහොට්ටිගේ අජිත් රොෂාන් නැමති 53 හැවිරිදි දෛනිකව මුදල් ණයට ලබා දෙන පුද්ගලයෙකු බව පොලීසිය පවසයි.

මෙම වෙඩිතැබිමට මිලිමටර 9 වර්ගයේ පිස්තෝලයක් භාවිතා කරන්නට ඇති බවට පොලීසිය සැක කරනු ලබන අතර වෙඩිතැබිමට හේතුව මේතෙක් අනාවරණය නොවන බවත් පලාගිය සැකකරුවන් සොයා මාතර පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වනු ලබයි

What's your reaction?

Related Posts

1 of 308

Leave A Reply

Your email address will not be published. Required fields are marked *