පච්ච කල්ලිය S T F එකට මාට්ටු

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමිවලට හා සංවිධානාත්මක අපරාධවලට අවශ්‍යව සිටි කුප්‍රකට පච්චයන් ලෙස හදුන්වන අපරාධ කල්ලියක කාන්තාවක් හා පුද්ගලයන් දෙදෙනෙකු වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහනුවර පොලිස් වසමේ KING හන්තාන, අංක 05, තබෝදාරාම පාර, රිච්මන්ගිල් නවාතැන්පලේ දී වැටලීමක් සිදුකර තිබෙනවා.

එහි දී නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම්වලට හා සංවිධානාත්මක ආපරාධවලට අවශ්‍යව සිටි මොරටුව ප්‍රදේශයේ පදිංච් වයස අවුරුදු 32, 38 පසුවන පුද්ගලයන් දෙදෙනෙකු හා ගෝනපල ප්‍රදේශයේ පදිංචි වයස අවුරදු 34 ක් වන කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.

මෙහිදි කාර් රථයක්, එක්සත් ආරාබි ආරාබි රාජ්‍යයේ ඩිනාර් හා ලංකා වලංගු මුදලින් රුපියල් ලක්ෂයට ආසන්න මුදලක් හා තවත් භාණ්ඩ සමඟ මොවුන් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශණ කටයුතු සඳහා මහනුවර පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *