පල්ලෙබැද්ද මාර්ගයේ දී යතුරුපැදියක් බස් රථයක ගැටි අනතුරකට ලක්වෙයි

සූරියකන්ද බුලුතොට හරහා පල්ලෙබැද්ද මාර්ගයේ වංගුවක් සහිත ස්ථානයකදී යතුරුපැදියක් මාර්ගයේ ලිස්සා ගොස් ඉදිරියෙන් පැමිණි බස් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් යතුරුපැදිකරු සහ පසුපැදිකරු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි සඳහන් වන්නේ.

යතුරුපැදියේ පසුපසින් පැමිණි පුද්ගලයා විසින් කුඩයක් ඉහලාගෙන පැමිණෙමින් තිබියදී කුඩය පහත්වීමත් සමග පැදිකරුට මාර්ගය දර්ශනය නොවීම හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇති බවටත් තොරතුරු වාර්තා වනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *