පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් ඉවත් කිරීමට යෝජනා

පෙරේදා පැවති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 3ක් ඉවත් කිරීමට යෝජනා වූ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.

ඒ, ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය උපකාරක පන්ති ගුරුවරයෙකු විසින් වට්ස්ඇප් මාධ්‍ය ඔස්සේ හුවමාරු කර ඇති බවට දෙමාපියන් සහ ගුරුවරුන්ගෙන් පිරිසක් චෝදනා කිරීමත් සමඟයි.

ඒ අනුව ප්‍රශ්න පත්‍රය පිටවූ බවට පැවසෙන කරුණුවලට අදාළව ප්‍රශ්න පත්‍රය සැකසූ පරීක්ෂක මණ්ඩලය සමග විභාග කොමසාරිස්වරයා අද සාකච්ඡාවක් පැවැත්වූ අතර, එහිදී අදාළ යෝජනාව ඉදිරිපත් වී ඇති බව සඳහන්.

මේ අතර, මෙවර ශිෂ්‍යත්ව විභාගයට 323,879 දෙනෙකු අපේක්ෂකයින් වශයෙන් ඉදිරිපත්ව ඇති අතර, සිංහල මාධ්‍යයෙන් අපේක්ෂකයින් 244,092ක්ද ද්‍රවිඩ මාධ්‍යයෙන් අපේක්ෂකයින් 79,777ක පෙනී සිට තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *