“පළපුරුදු ඇති අය පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි ” – හිටපු ජනපති රනිල්

විපක්ෂයේ සිටිය ද ආණ්ඩු පක්ෂයේ සිටියද පාර්ලිමේන්තුව ගෙන යාමට පළපුරුද්ද පිරිස් අවශ්‍ය බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (17) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින්.

එහිදී ඔහු කියා සිටියේ මෙවර සිලින්ඩරය යටතේ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වු පිරිස වසර දෙකක කාලයක් තමා සමඟ රටේ ආර්ථිකය කඩා වැටුණ වේලාවේ එ් වෙනුවෙන් වැඩ කරන්න එම පිරිසට එයට මුහුණ දෙන්න හැකියාව , පලපුරුද්ද තිබෙන අය බවයි.

රටේ ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට පලපුරුදු ඇති අය අවශ්‍ය බව ඔහු අවධාරණය කර සිටියා.

එසේම මෙවර සිලින්ඩරයට ලකුණ යටතේ තරග කරන්නේ පසුගිය පාර්ලිමේන්තුවේදී රටේ ආර්ථික අර්බුදය හමුවේ වැඩ කල පිරිස මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ තමාගේ කාර්ය මණ්ඩලය ලෙස සේවය කල පිරිසක් වනවා.

එම පිරිසට තමා නායකත්වය ලබා දෙන බව ඔහු මෙහිදී අනාවරණ කර සිටියා.

තවදුරටත් අදහස් පල කරමින් රනිල් වික්‍රමසිංහ කියා සිටියේ සිලින්ඩරය ලකුණ යටතේ තරග කරන පලපුරුදු පිරිස මෙවර පාර්ලිමේන්තුව නියෝජනයට සිටිය යුතුම පිරිසක් බවයි.

තමාට ඡන්දය දුන් නොදුන් පිරිසට කියා සිටින්නේ පලපුරුදු පිරිසක් පාර්ලිමේන්තුවට යාමට අවශ්‍ය ඡන්දය ලබා දෙන ලෙසයි.

එමෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට 2028 වර්ෂයේදී ණය ගෙවීම් ආරම්භ කල යුතු බවත් ‍2027 වර්ෂය වන විට අපේ රජයේ ආදායම දල දේශිය නිෂ්පාදිතයෙන් 15% ක් විය යුතුය බව ඔහු අවධාරණය කර සිටියා.

මේ අතර දැනට එය 12% ක් බව, ඒ අනුව සෑම වසරකම එය සියයට එකකින් ඉහළ නැංවිය යුතු බව ඔහු පවසා සිටියා.

තව ද මුළික වශයෙන් මේ වසර අවසාන වන විට 2019 වසරේ තිබුණ දළ දේශිය නිෂ්පාදනය ලබා ගත හැකියාව තිබෙන අතර ඉදිරියේදී විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන 12 ත් 14 ත් අතර තිබිය යුතු බව ඔහු කියා සිටියා.

මේ ඉලක්ක සපුරා ගත යුතු අතර මේ කාල සීමාවේ කටයුතු සිදු කල යුතු බවත් ඒ සඳහා සිඝ්‍ර සංවර්ධනයක් ඇති කල යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් කියා සිටියා. 

#

What's your reaction?

Related Posts

1 of 364

Leave A Reply

Your email address will not be published. Required fields are marked *