පළමු එක්දින තරගයෙන් බංග්ලාදේශය ජය ගනී

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 5ක් අවසානයේ ලකුණු 255ක් රැස් කළා.

නායක කුසල් මෙන්ඩිස් පන්දු 75කදී ලකුණු 59ක් රැස්කරමින් සාර්ථක ඉනිමක් දියත් කළේය.

29 වැනි එක්දින අර්ධ ශතකය අද වාර්තා විය.

ජනිත් ලියනගේ ලකුණු 67ක් රැස්කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ සාර්ථකම පිතිකරුවා බවට පත්විය.

බංග්ලාදේශ පිළිතුරු ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 23කට දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

එහෙත් නජ්මුල් හුසේන් ශාන්තෝ සමගින් පිටියේ ස්ථාවර වූ මුෂ්ෆිකර් රහීම් බංග්ලාදේශය ජයග්‍රහණය කරා රැගෙන ගියේය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *