පළාත් පාලන ඡන්දය නොපැවැත්වීමට එරෙහි පෙත්සම යළි විභාගයට

පළාත් පාලන ඡන්ද විමසීම නොපැවැත්වීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (06) යළි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගැණුනා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඇතුළු පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම විභාගය සිදු වනවා.

එහිදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හා සාමාජිකයින් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පළාත් පාලන ඡන්ද විමසීම නියම කළ පරිදි පැවැත්වීමට අවශ්‍ය සියලු‍ ක්‍රියාමාර්ග ගත් බව කියා සිටියා.

එහෙත් ප්‍රතිපාදන මුදා නොහැරීම හේතුවෙන් මතුවී තිබෙන අපවාදයෙන් ගැලවීම සඳහා රජය විසින් මැතිවරණ කොමිසම වෙත චෝදනා එල්ල කරන බවයි ඔහු කියා සිටියේ.

විධායකය සිතාමතාම පලාත් පාලන ඡන්ද විමසීම අඩාල කිරීමට කටයුතු කළ බවට චෝදනා කළ ඔහු”‍ ඡන්දෙ කල් දාලා නැහැ. කල් දාන්න ඡන්දයක් නෑ”‍ යනුවෙන් පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශය තුළින් එය පැහැදිලි වන බවත් සඳහන් කර සිටියා.

ඊට අමතරව නීතියේ පැවති යම් යම් අඩු පාඩු හේතුවෙන් ආරම්භ කළ මැතිවරණ ක්‍රියාදාමය ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වූ බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කරනු ලැබුවා.

නඩු විභාගය අතරතුර අගවිනිසුරු ජයන්ත ජයසූරිය විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේ කුමන බාධා පැමිණියද නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම මැතිවරණ කොමිසමේ වගකීම බවයි. සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *