ප්‍රවීණ ගායන ශිල්පී චන්ද්‍රකුමාර කඳනාරච්චි දිවි සැරිය නිමකරයි

ප්‍රවීණ ගායන ශිල්පී චන්ද්‍රකුමාර කඳනාරච්චි අද (26) උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් රජයේ රෝහලක ප්‍රථිකාර ලබමින් සිටියදී මෙලෙස අභාවප්‍රාප්ත වූ බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ.

පෙම් බැන්ද සිත් බැන්ද, ඇගේ සිනහව තහනම්,නෙළුම් විලේ,සිතේ සතුට, ගංගා නදී තීරයේ, ගම මහනුවරයි හා හිතේ සතුට ජීවිතයේ ඇතුළු ගීත රැසකින් ගීත කලාව සුපෝෂණය කළ ඔහු මියයන විට 76 වැනි වියේ පසුවුණා.

ඔහුගේ දේහය සම්බන්ධයෙන් වන අවසන් කටයුතු සම්බන්ධයෙන් පසුව දැනුම් දෙන බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *