පාකිස්ථානයේ දී චීන ජාතිකයන්ට එල්ල වෙන ප්‍රහාර ගැන චීනයේ කණස්සල්ල

රටේ ආරක්ෂක ගැටළු සම්බන්ධයෙන් චීන තානාපතිවරයා සිදු කළ ප්‍රකාශයක් පිළිබඳ පාකිස්ථානය විමතිය පළ කර තිබේ.

පකිස්තානයේ විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Mumtaz Zahra Baloch කියා සිටියේ එරට චීන තානාපති Jiang Zaidong ගේ ප්‍රකාශය “ඉස්ලාමාබාද් සහ බීජිං රාජ්‍යතාන්ත්‍රික සම්ප්‍රදාය පිළිබිඹු නොකරන” බවයි.

“චීන ජාතිකයින්ට එරෙහි ප්‍රහාර සම්බන්ධයෙන් බීජිනයේ කනස්සල්ල පිළිබඳව ඉස්ලාමාබාදය සම්පූර්ණයෙන් දන්නා අතර පකිස්ථාන ආන්ඩුව ප්‍රහාර පිළිබඳ විමර්ශනය චීනය සමඟ බෙදාගෙන ඇත,” යනුවෙන් බලොච් ඉස්ලාමාබාද්හි පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පවසා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේවෙතත් පකිස්තානයේ චින තානාපතිවරයා වන ජියැන්ග් පැවසුවේ, චීන ජාතිකයින් ඉලක්ක කර ගනිමින් පාකිස්තානයේදී එල්ල වන ප්‍රහාර චීනයට “පිළිගත නොහැකි” බවයි.

කෙසේවෙතත් චීන නියෝජිතයාගේ ප්‍රතිචාරය පුදුමයක් බවයි පකිස්තානයේ විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක Mumtaz Zahra Baloch පැවසුවේ.

What's your reaction?

Related Posts

1 of 440

Leave A Reply

Your email address will not be published. Required fields are marked *