පාර්ලිමේන්තුවට එදා මිනිස්සු එද්දී දුවපු හැටි රනිල් කියයි

රට භාරගත් තමන්ට සහයදීමට කිසිවෙකු නොසිටි බව ස්වාධීන ජනාධිපතිධුර අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ කැකිරාව ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින්.

එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ,

“මට තේරුණා මේක කවුරුවත් භාරගන්න යන්නේ නෑ වැඩේ වල් වෙනවා කියලා.

මට අත්පුඩියක් ගහන්න එක මන්ත්‍රීවරයෙක් නෑ. මට චියර් එකක් දෙන්න එක මිනිහෙක් නෑ. මම තනියෙන් ගිහින් අරගත්තා.

අන්න නිවේදනයක් ආවා මිනිස්සු දැන් පාර්ලිමේන්තුවට එනවා කියලා. එදා දිව්ව එක මැයි මාසෙ දිව්ව එකටත් වඩා හොඳයි.

කවුරුත් හිටියේ නෑ.”

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *