පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා ගැනීම පිළිබඳව ජනතාව දැනුවත් කරයි

අද කොළඹදී මාධ්‍ය සාකච්ඡාවක්

මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් සහ ස්වේච්ඡා සංවිධාන කීපයක නිලධාරින් අදහස් දක්වයි

2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සදුස අපේක්ෂකයන් තෝරා ගැනීම ඉදිරි මහ මැතිවරණය සඳහා අපි ඔබට සහ ඔබේ පක්ෂයට අපගේ සුබ පැතුම් ප්‍රකාශ කරන්නමු.

ඔබ දන්නා පරිදි මෙන්ම මහජනතාව ද දන්නා පරිදි, සෑම ඡන්දදායකයෙකු තුළම ජනතා පරමාදිපත්‍ය තුලින් නිවැරැදි පාර්ලිමේන්තු නියෝජිතයන් පිරිසක් එ ලැඛ්‍යා පාර්ලිමේන්තු මැතිවරණයේදී පත්කිරීම පිළිබඳව ඉහල උනන්දුවක් පවතී.

කෙටි කාලයක් තුළ රට මුහුනදුන් බහුවිධ ඛේදවාචක හේතුවෙන් සෑම ඡන්ද දායකයෙක්ම වෙන

කවරදාටත් වඩා දැන් සවිඥානිකය. රටේ වගකිවයුතු පුරවැසියන් ලෙස අපි සිවිල් සාමූහිකයක් ලෙස එකට එක්ව කටයුතු කරන අතර අපට සහාය වීමට රට පුරා සිටින ප්‍රමුඛ ආයන්න සමූහයක් (කරුණා කර ඇමුණුම 02 බලන්න) මේ වන විටත් එක්ව සිටී.

පරමාදර්ශී දේශපාලනයක් තෝරා ගන්නේ කෙසේද යන්න පිළිබඳව ඡන්දදායකයින් දැනුවත් කිරීම සඳහා අප 2022 වසරේ සිට මෙහෙයුමක් ආරම්භ කොට නමන් වෙනුවෙන් අපේක්ෂකයන් තේරීමේදී සැලකිල්ලට ගත යුතු කරුණු 10ක් යෝජනා කලෙමු (ලැයිස්තුව මේ සමඟ අමුණා ඇත. මෙම නිර්ණායක 10 (කරුණාකර ඇමුණුම 01 බලන්න)

මෙකී කරුණු, සිවිල් සංවිධාන, ඇදහිලි කණ්ඩායම්, දේශපාලන පක්ෂ ප්‍රමුඛයන් ඇතුළු 300කට අධික පිරිසක් විසින් පරීක්ෂා කරන ලදී. එමෙන්ම අප මේ ගමන ආරම්භ කළ දා සිට ව්‍යාපාරිකයන් සහ වෘත්තිකයන් අපට ලබාදුන් සහය අතිමහත්ය.

මහ මැතිවරණයක් සමීපයට පැමිණ ඇති බැවින්, අපි ඔබට ඉතා ඕනෑකමින් අවදාරනය කරනු ලබන්නේ, ඔබගේ අපේක්ෂකයන්හට නාමයෝජනා ලබාදීමේදී මෙකී කරුණු 10 පිලිබදව අවදානය යොමුකර, සාධාරණ විනිශ්චයක් ඔස්සේ ඔබේ පක්ෂයේ නාමයෝජනා ලැයිස්තුව ස්කස් කර ජනතා අපේක්ෂාව පරිදි පරමාදර්ශී දේශපාලකයින් පිරිසක් තෝරාගන්නා ලෙසයි.

අප මෙම ක්‍රියාවලිය පිලිබදව දැනුවත් කිරීමට ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය, ඩිජිටල් සහ වෙනත් ආකාර යොදාගනිමින් කඩිනමින් ජනතාව අතරට ගෙනගොස් ඔවුන් දැනුවත් කිරීමට සියලු කටයුතු සැලසුම් කර ඇත. එමෙන්ම පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ සදහා අපේක්ෂකයන් තෝරා ගැනීම සදහාද මෙකී ක්‍රියාවලිය යොදාගෙන රට ගොඩ නැගීමට සුදුසු දේශපාලන නායකත්වයක් තෝරා ගැනීම සදහා මහජනතාව දැනුවත් කිරීමට අප කැප වෙන්නෙමු.

මේ සඳහා ඔබගේ සහයෝගය අපේක්ෂා කරන අතර මෙම ලිපියට ඔබගේ කඩිනම් ප්‍රතිචාරයක්ද අප ඉතා උනන්දුවෙන් අපේක්ෂා කරන්නෙමු.

මෙය හුදෙක් සිවිල් මුලපිරීමක් පමණක් බවට අප අපේක්ෂා කරන්නෙමු. පත් නොකොට ශක්තිම ක්‍රියාවලියක් බවට පත්වෙතැයි

එමෙන්ම ඔබ සමඟ මේ පිලිබද දව සංවාදයක් ගොඩ නැගීමට අප ඉතා ඕනෑකමින් බලා සිටින්නෙමු.

ඔබගේ ඉදිරි දේශපාලන ක්‍රියාවලියට අප සුභ පතන්නෙමු.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *