“පාර්ලිමේන්තු මැතිවරණයට සාමකාමී වාතාවරණයක් පවත්වන්න”

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය අද (30) දින පැවැති අතර එය සාමකාමී අයුරින් පැවැති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

එමෙන්ම ඉදිරි මැතිවරණ කාලයේදීද සාමකාමී වාතාවරණයක් පවත්වනැයි සියළු අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටින බව ඔහු කියා සිටියා.

මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා අද (30) පැවැති මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ අද පැවැති තැපැල් ඡන්දය සාමකාමිව පැවැති බවයි.

පාර්ලිමේන්තු මැතිවරණය කැඳ වු දිනයේ සිට ඉතා සාමකාමී මට්ටමක පැවැති බව ඔහු කියා සිටියා.

ඇතැම් ප්‍රදේශවල පොස්ටර් හා දැන්වීම් පළ කර තිබු බව වාර්තා වු බවත් එම දැන්වීම් ඉවත් කරන ලෙස පොලිසියෙන් ඉල්ලා සිටින බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක වැඩිදුරටත් කියා සිටියා.

What's your reaction?

Related Posts

1 of 347

Leave A Reply

Your email address will not be published. Required fields are marked *