පාර්ලිමේන්තු මැතිවරණයේ පළමු මැතිවරණ නිල ප්‍රතිඵලය රාත්‍රී 10.00 වන විට නිකුත් කිරීමට හැකිවනු ඇත

2024 පාර්ලිමේන්තු මැතිවරණයේ පළමු මැතිවරණ නිල ප්‍රතිඵලය රාත්‍රී 10.00 වන විට නිකුත් කිරීමට හැකිවනු ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි.

මැතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම දිවයින පුරා මධ්‍යස්ථාන 13,314 කදී පෙරවරු 7 ට ආරම්භ වූ අතර පස්වරු 4 ට අවසන් විය.

පළමුව තැපැල් ඡන්ද ගණන් කිරීම පස්වරු 5ට ආරම්භ වන අතර ගණන් කිරීමේ මධ්‍යස්ථානවල කාර්යක්ෂමතාවය මත සියලු ගණන් කිරීම් සිදුවනු ඇත.

මෙවර මැතිවරණය සඳහා පුද්ගලයන් 17,140,354 දෙනකු ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබේ.

What's your reaction?

Related Posts

1 of 364

Leave A Reply

Your email address will not be published. Required fields are marked *