පාලකයෝ ජාතිවාදය ඇවිස්සුවාට අපි ජාති ආගම් භේද නොසලකා එකට එකතු වී රට ගොඩනගමු

අපේ රටේ මේ මොහොතේ ගැටුම්කාරී දේශපාලනය රජවුණු යුගයක් ඇති බවත් තරහමරහකම් එදිරිවාදිකම් හතුරුකම් ජාතිවාදය ආගම්වාදය ගෝත්‍රවාදය වර්ණභේදය කුල භේදය ලෙස බෙදී ඇති බවත් රට බෙදී රට බංකොලොත් වී ලක්ෂ 220ක් ජනතාව අතරමං වී ඇති මොහොතක තවදුරටත් නොබෙදී එකතු වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ ඊයේ (23) මහනුවර අකුරණ නගරයේ පැවැති 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගයේ එකලොස් වැනි විජයග්‍රාහී ජන රැළිය අමතමින්.

එහිදී විපක්ෂනායකවරයා කියා සිටියේ ඊර්ෂ්‍යාව වෛරය බල තන්හාව බැහැර කර රට ගොඩනගන එකමුතුභවයකට එක්වන ලෙසත් මේ ආකාරයට නම් ඉදිරියට යා නොහැකි බවය.

එසේම ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය මේ රටේ පොදුජනතාව ගැන සිතන්නේ නැති බවත් පොදුජන හදගැස්ම ගැන අවබෝධයක් නොමැති බවත් සංහිඳියාව සහෝදරත්වය හා මිත්‍රශීලීත්වය තුළ ජනතාව⁣ක් ලෙස එකට එකතු වී එකමුතුභාවය රට ගොඩනගන ශක්තිය ලෙස පත් කළ යුතු බවත් බෙදුනු රට විවිධ හේතු නිසා කඩා වැටුණු ගරා වැටුණු ජන සමාජය එකමුතුභාවය තුළින් යළි ගොඩනැගීමට එක්වන ලෙසත් සෑම දෙනාට ම මිත්‍රත්වයේ හස්තය දිගු කරන බව ඔහු කියා සිටියා.

පසුගිය කාලයේ බිහි වූ ආණ්ඩු ආගම ජාතිය භාෂාව කුලය කේන්ද්‍ර කර ගෙන ජන ජීවිත විනාශ කළ බවත් ජාතිවාදයට ජාතිභේදයට ආගම්වාදයට විරුද්ධව පාරට බැස්සේ සමගි ජන බලවේගය බවත් ආදාහනය සහ භූමදානය ගැටලුවේදී මුස්ලිම් ජනතාව වෙනුවෙන් මහපාරට බැස ජාතික සමගිය ආගම් අතර සමගිය වෙනුවෙන් පාරට බැස්සේ ද සමගි ජන බලවේගය බවත් සමහර අය පාර්ලිමේන්තුවේ වරප්‍රසාද වලට යටවී ඉස්ලාම් ආගමට අපහාස කරමින් අන්තවාදී චෝදනා එල්ල කළ බව ඔහු අවධාරණය කර සිටියා.

එමෙන්ම මේ රටේ කිසිම අයකුට කිසිදු ආගමකට ජාතියකට අපහාස කරන්න අයිතියක් නොමති බවත් සෑම ආගමකටම ජාතියකටම ගරු කළ යුතු බවත් මේ රට සියලු දෙනාගේම රට බවත් මේ බෙදුනු රට කඩාවැටුණු රට එක්සේසත් කිරීම තමා සිදු කරන බවත් ජාතිවදයට ජාතිභේදයට ආගම්වාදයට ආගම්භේදයට අන්තවාදයට ඉඩ නොමැති බව විපක්ෂනායකවරයා මෙහිදී අනාවරණ කර සිටියා.

බංකොලොත් රට ගොඩ ගත යුතු බවත් අප රට ආර්ථික වශයෙන් දියුණු වනවා වෙනුවට බංකොලොත් වී ඇති බවත් එයට හේතුව කණ්ඩායමක් රට සින්නක්කරව ලියාගෙන මෙන් පාලනය කිරීම බවත් මේ රට තනි පුද්ගලයකුට කණ්ඩායමට අයිති රටක් නොව ලක්ෂ 220 ජනතාවට අයිති රටක් ⁣බවත් ජනාධිපතිවරණයක් මහමැතිවරණය දින්නා කියා රට සින්නක්කරව ලියාගත නොහැකි බවත් එසේ කරන්න දෙන්නෙත් නැති බවත් එය තාවකාලික භාරකාරත්වයක් බව ඔහු අවධාරණය යුතුය කියා සිටියා.

නව ආර්ථික දැක්මක් තුළින් රට ගොඩගන්නා බවත් සියලු දෙනාට සමාන ප්‍රතිලාභ ලැබෙන සමාජ වෙළෙදපොල ආර්ථිකය ගොඩනංවා රට නැවතත් ⁣දියුණු කරන බවත් අප රටේ සීමසහිත සන්නාම තිබුණත් කොරියාව තුළ විවිධ ක්ෂේත්‍රයන්ට අදාළ සන්නාම ඇති නිසා අප රටත් ඒ තත්ත්වයට ගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් පවසා සිටියා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *