ජනාධිපතිවරයා හෝ වත්මන් ආණ්ඩුව පාස්කු ප්රහාරය පිළිබඳ මෙතෙක් ප්රසිද්ධ නොකළ විමර්ශන වාර්තා ප්රසිද්ධ කර නොමැති බැවින් තමන් රජයට ලබා දී තිබූ දින 7ක කාලය අද (21) උදෑසන 10න් අවසන් වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසනවා.
පාස්කු ප්රහාරය පිළිබඳව දැනට ප්රසිද්ධ කර නොමැති ජනාධිපති විමර්ශන වාර්තා දෙක තමන් සතුව ඇති බවත් සතියක් තුළ ජනාධිපතිවරයා එය ප්රසිද්ධියට පත් නොකරන්නේ නම්, තමන් දින 7ක් ඇතුළත එම වාර්තා ප්රසිද්ධියට පත් කරන බවත් ඔහු ඉකුත් 14 වැනිදා විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ප්රකාශ කළා.
පාස්කු විමර්ශන වාර්තා පිළිබඳ සංවාදය යළි කරලියට පැමිණියේ එම ප්රකාශයත් සමගයි.
මේ අතර පාස්කු ප්රහාරය පිළිබඳ මෙතෙක් ප්රසිද්ධ නොකළ වාර්තා ඉදිරිපත් කර තමන්ට එරෙහිව දෝශාභියෝගයක් ගෙන ඒමේ අවදානම මග හරවා ගැනීමට ජනාධිපතිවරයාට තවමත් කාලය පවතින බවයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල ඊයේ (20) ප්රවෘත්ති සාකච්ඡාවක් කැදවමින් කියා සිටියේ.