පාස්පෝට් ගැන නවතම ක්‍රමය

විදේශ ගමන් බලපත්‍ර සඳහා අයදුම් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව නව ක්‍රමවේදයක් ප්‍රකාශයට පත් කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ මහජනතාවගේ පහසුව සඳහා මෙම ක්‍රමවේදය හඳුන්වාදෙන බවයි.

විදේශ ගමන් බලපත්‍ර සඳහා අයදුම් කිරීමේ නව ක්‍රමය ඊයේ (ජුලි 17) සිට ක්‍රියාත්මක බව ද ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව විදේශ ගමන් බලපත්‍ර සඳහා ඉල්ලුම් කරන අයට https://www.immigration.gov.lk සබැඳිය හරහා ලියාපදිංචි වන එම දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.

ආගමන විගමන දෙපාර්තමේන්තුව පැවසුවේ ලියාපදිංචියෙන් පසු විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීමේ අවස්ථාව ප්‍රමුඛතා පදනම මත ලැබෙන අතර එය සාමාන්‍ය සහ එක්දින සේවා සඳහා වෙන් වෙන්ව ලබා ගත හැකි බවයි.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් විදේශ ගමන් බලපත්‍ර සඳහා හඳුන්වා දී ඇති නව ක්‍රමවේදය මෙසේයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *