“පියුමා ” ලබන ඔක්තෝබර් මස 16 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරයි

විදේශ ගතව සිටිමින් මෙරට පාතාල කල්ලි සාමාජිකයන් මෙහෙයවිය මනුෂ්‍ය ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම්, සංවිධානාත්මක අපරාධ ක්‍රියාවන්  සිදු කරමින් ජාතික ආරක්ෂාවට මහජන සාමයට අවහිර වන ලෙස කටයුතු කළ බවටදැනට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති සළිදු මල්ෂික නොහොත් කුඩු සළිදු නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයාගේ ප්‍රධානතම ගෝලයා ලෙස  හැදින්වෙන හපුන්ත්‍රිගේ දොන් පියුම් හස්තික නොහොත්  “පියුමා ” ලබන ඔක්තෝබර් මස 16 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව  මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද 02 නියෝග කළාය.
ඒ සැකකාර පියුම් හස්තික බන්ධනාගාරය විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

හපුආරච්චිගේ දොන් සියුම් හස්තික නොහොත් පියුමා නැමැති සැකකරුට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය මගින් නිකුත් කර තිබූ රතු නිවේදනය ප්‍රකාරව සැකකරු 2024.02.15 වන දින ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට උදර්පනය කිරීම සදහා දැනුම් දීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ඩුබායි රාජ්‍ය වෙත යොමු කර සැකකරු ගුවන් මගින් කටුණායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල මගින් මෙරටට රැගෙන ඒමෙන් පසු අත්අඩංගුවට ගෙන රඳවා ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කර  රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
තම සේවා දායකයාට කිසිදු ත්‍රස්තවාදීමය කටයුතු සඳහා චෝදනා යොමු වී නැති බවත් සැකකරුට එරෙහිව ඇත්තේ මිනිමැරුම් චෝදනා  වැනි චෝදනා බැවින් ඔහු ඇප මත මුදා හරින ලෙස සැකකරු වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් නිතිඥ  තිළිණ වීරසිංහ මහතා අධිකරණයට දන්වා සිටියේය.

එහිදි කරුණු දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙහ්න්තුව කියා සිටියේ සැකකරුට එරෙහිව සංවිධානාත්මක අපරාධ ක්‍රියා සම්බන්ධ චෝදනා ඇති බවය.
කුඩු සළිදු නොහාත් සළිදු මල්ෂික ඇතුළු පාතාල සාමාජකයන් සමග ඔහු අපරාධ ක්‍රියා වලට ස

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *