පිරිසිදු චරිත සියල්ල අද එකතු වෙලා ඉන්නේ සජිත් ප්‍රේමදාස මහතා සමඟයි

‘‘රටට ආදරය කරන පිරිසිදු චරිත සියල්ල අද එකතු වෙලා ඉන්නේ සජිත් ප්‍රේමදාස මහතා සමඟයි. නමුත් අද රනිල් වික්‍රමසිංහ මහත්තයා සමඟ එකතු වෙලා ඉන්නේ වංචා දූෂණ චෝදනා තිබෙන , ජනතාව ප්‍රතික්ෂේප කරපු පිරිසක්.

ශ්‍රී ලංකාවේ ඊළඟ අවුරුදු 5 , 10 තින්දු කරන මැතිවරණය තමයි සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වෙන්නේ. සැප්තැම්බර් 21 වැනිදාට අපි සියලු දෙනා එකතු වී සජිත් ප්‍රේමදාස මහතාට දිනවන්න කටයුතු කළ යුතුයි.

සජිත් ප්‍රේමදාස මහතා කියන්නේ රටට වැඩක් කරලා පෙන්නපු නායකයෙක්. සජිත් ප්‍රේමදාස මහතා රටේ පාසල් 400 කට සුහුරු පන්තිකාමර ලබාදිලා තිබෙනවා. පාසල් 80 කට පාසල් බස් රථ ලබාදිලා තිබෙනවා. හුස්ම වැඩසටහන යටතේ රෝහල් රැසකට වෛද්‍ය උපකරණ ලබාදිලා තිබෙනවා. විපක්ෂයේ හිදිමින් තමයි සජිත් ප්‍රේමදාස මහතා මෙතරම් වැඩ කොටසක් රට වෙනුවෙන් සිදුකරලා තිබෙන්නේ.

සජිත් ප්‍රේමදාස මහතා කියන්නේ දේශපාලනයේ අද්දැකිම් බහුල නායකයෙක්. සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය ඇමැතිධුර , ඇමැතිධූර , විපක්ෂ නායකවරයෙක් ලෙස රටට අති විශාල සේවාවක් කරලා තිබෙනවා. ඒ වගේම සජිත් ප්‍රේමදාස මහතාට තිබෙන ලොකුම ශක්තිය වෙන්නේ ඔහු වටා සිටින දක්ෂ කණ්ඩායම.

සියලු දෙනාම එකතුවෙලා සැප්තැම්බර් 21 වැනිදා සජිත් ප්‍රේමදාස මහතාව ජයග්‍රහනය කරන්න එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.‘‘ 

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *