පිල්ලෙයාන් සී අයිඩී එකට කැඳවයි.ඔහු නොඑයි.පිල්ලෙයාන්ට විරුද්ධව පැමිණිලිකරුවතක්Cid එයි.

කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව

නිරෝෂන් කොළඹ

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරෛයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (12) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැදවා තිබෙනවා.

ඒ, පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාවට ඔහුගේ හිටපු ලේකම්වරයෙකු වන අසාද් මවුලානා නැමැත්තා කළ කරුණු දැක්වීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සදහායි.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ 06 වනදා විකාශය වූ එම වීඩියෝවෙන් හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ මේජර් ජනරාල් සුරේෂ් සලේ සහ පාස්කු ප්‍රහාරයේ බෝම්බකරුවන් අතර පැවති බව කියන හමුවක් පිළිබදව මෙන්ම ඊට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සම්බන්ධතාවක් පිළිබදව තොරතුරු ඉදිරිපත් කෙරුණා.

2005 සිට 2015 දක්වා පිල්ලෙයාන් රාජපක්ෂවරුන්ගේ දේශපාලන සතුරන් ඉලක්ක කර අතුරු හමුදා ඝාතන කල්ලියකට සාමාජිකයන් බදවාගෙන ඇති බවද චැනල් ෆෝ නාලිකාව අනාවරණය කළා.

මේ අනුව, මෙම වීඩියෝවේ අඩංගු ආන්දෝලනාත්මක කරුණු සහ දණ්ඩ නීති සංග්‍රහයේ සදහන් කුමන්ත්‍රණය ඇතුලු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර ඊයේ ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව කියා සිටියා

කෙසේ වෙතත් අද පෙරවරු අටේ සිට කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට මාධ්‍යවේදීන් පිරිසක් රැඳී සිටියද මේ වනතුරුත් හිටපු පන්තිවරයා පැමිණියේ නැත……

👇👇👇

මේ අතර….👇

2021 සිට මේ දක්වා පිල්ලියාණන්ගෙන් විවිධ තර්ජන බවට ඇති බවට චොදනා කරමින් පිල්ලයාන්ට එරෙහිව මඩ කලපු දිස්ත්‍රික්කයේ ලංකා ගුරු සංගමය ලේකම් පොන්න තුරේයි උදේ රූබන් මහතා විසින් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිනිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ 2021 වර්ෂයේ සිට මඩකලපු දිස්ත්‍රික්කයේ ගුරුවරුන්ට පිල්ලයන් බලපෑම් කිරීම් කරන බවට චෝදනා කරමින් .

මඩකලපු පොලිසියට පැමිණිලි කරත්
පොලිස් බූලස්ථානයට පැමිණිලි කරත් විසදුමක් ලැබුනේ නෑ
එම නිසා අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කිරීම සඳහා පැමිණියා…

දමිළ මාධ්‍යයෙන් සහ සිංහල මාධ්‍යයෙන්.
අදහස් දැක්වීම මෙහිදී සිදුවුණා..

What's your reaction?

Related Posts

1 of 443

Leave A Reply

Your email address will not be published. Required fields are marked *