පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුව

පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිසම් වාර්තා ප්‍රසිද්ධ කරන්න ගම්මන්පිල ආණ්ඩුවට දින දෙයි

වාර්තාවේ පිටු අඩු නම් ඒ අඩු පිටු ටික මම දෙන්නම් සතියක් ඇතුළත ප්‍රසිද්ධ නොකලොත් මම ප්‍රසිද්ධ කරනවා…

උදය ගම්මන්පිල පිවිතුරු හෙළ උරුමයේ පක්ෂ නායක …

පසුගිය සඳුදා මාධ්‍ය හමුවේ දී ජනාධිපතිතුමා හිස් අතින් කටුවාපිටිය පල්ලියට ගිය එක වැරදියි, පල්ලිය හැමදාම ඉල්ලන්න පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කමිටු දෙකේ වාර්තා දෙක අරගෙන යන්න තිබුණා කියා මම ​ප්‍රකාශ කලා. තවදුරටත් පමා නොකර මේ වාර්තා දෙක ප්‍රසිද්ධ කරන්න කියලා මම ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළා. මේ පිළිබඳ ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක විජිත් හේරත් ඇමතිතුමාගෙන් මාධ්‍යවේදින් ප්‍රශ්න කළා. ​එවිට ඇමතිතුමා කිව්වේ පාස්කු ප්‍රහාරය පිළිබඳ වාර්තා නැතිවුණේ කොහොමද ඒවායේ පිටු ගැලවුණේ කොහොමද කියලා අපි සොයා බලනවා කියලා.
ගරු ඇමතිතුමනි, කිසිම වාර්තාවක් නැති වෙලාත් නෑ. පිටු අඩු වෙලාත් නෑ. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් තිබුණු ජනාධිපති කොමිසමේN වාර්තාවේ ජාතික ආරක්ෂාවට සංවේදි කොටසක් ප්‍රසිද්ධ නොකිරීමට කොමිසම නිර්දේශ කරලා තිබුණු නිසා ඒ කොටස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබුණේ නෑ. නමුත් ඒ කොටසේ තමයි මහ මොලකරු ගැන තිබෙන්නේ. ඒ නිසා ඒකත් ප්‍රසිද්ධ කළ යුතුයි කියලා එදා විපක්ෂයේ සිටිය මාලිමාව වගේම කතෝලික පල්ලියට සම්බන්ධ සමහරු ඉල්ලා සිටි නිසා ඒ සංවේදි කොටසත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උපදෙස් පරිදි මහජන ආරක්ෂක ඇමතිතුමා කතෝලික රදගුරු සභාවේ සභාපති හැරල්ඩ් ඇන්තනි රදගුරුතුමාට බාර දුන්නා. ඒ කොටස් වලින් මහ මොලකරු සොයා ගන්න නම් බැරි වෙලා තිබෙනවා. ඒ වාර්තාවේ ප්‍රසිද්ධ නොකළ කොටස ගැන නම් විජිත හේරත් ඇමතිතුමා කතා කරන්නේ ඒක දැන් ජනාධිපති ලේකම්ගෙන් ඉල්ලා ගන්නත් පුළුවන්. නැතිනම් හැරල්ඩ් ඇන්තනි රදගුරුතුමාගෙන් ඉල්ලා ගන්නත් පුළුවන්.
අපි වගේම කතෝලික පල්ලියත් ආණ්ඩුවට ප්‍රසිද්ධ කරන්න කියලා ඉල්ලන්නේ දැනටමත් ප්‍රසිද්ධ කරපු ජනක් ද සිල්වා වාර්තාව නොවේ. දැනට ප්‍රසිද්ධ නොකරපු එස් අයි ඉමාම් වාර්තාවයි ඒ එන් ජේ ද අල්විස් වාර්තාවයි ප්‍රසිද්ධ කරන්න කියලා අපි කියන්නේ. විශ්‍රාමික විනිසුරු එස් අයි ඉමාම් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවේ වාර්තාව 2024 ජූනි 25 දාත් විශ්‍රාමික විනිසුරු ඒ එන් ජේ ද අල්විස් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවේ වාර්තාව 2024 සැප්තැම්බර් 14ත් ​හිටපු ජනාධිපතිතුමාට බාර දුන්නා. ඒ වාර්තා ප්‍රසිද්ධ කරන්න බැරි වෙලා තිබෙන්නේ ඔබතුමා කියන ආකාරයට පිටු වග​යක් අඩුවීම නම් අඩු පිටු ටික මට කියන්න. ඒ පිටු ටික මම දෙන්නම්. මොකද ඔබතුමාලාට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වගේම නීතිපති දෙපාර්තමේන්තුවෙන් සොයා ගන්න බැරි වුණු වාර්තා දෙක අපට ලැබිලා තිබෙනවා. අපි ඒක ප්‍රසිද්ධ නොකරන්නේ ජනාධිපතිතුමා පත් කළ කමිටු​වක වාර්තාවක් තුන්වන පාර්ශවයක් විසින් ප්‍රසිද්ධ කිරීම සදාචාරාත්මක නැති නිසා.
අපිට තවත් බලා ඉන්න බෑ. ආණ්ඩුව හරියටම දින හතක් ඇතුලත මේ වාර්තාව ප්‍රසිද්ධ කලේ නැති නම් මම ඒ වාර්තාව ප්‍රසිද්ධ කරනවා. මේ වාර්තාව අනුර පානයෙන් මත් වෙලා ඉන්න ජනතාවකට සිහි එළවා ගන්න හැකි වේවි කියලා අපි හිතනවා.

ශ්‍රිරන්ත ලියනගේ මහා මැතිවරණ අපේක්ශක

ජාතික ජනබලවේගයේ කන්ඩායම ගත්තාම  අල්ලපු ගෙදර කෙනාවත් අදුරන්නෙ නැ

අපි වගකීමෙන් කියන්නෙ

අපිට ලොකු බයක් තියනවා මේ අය පාර්ලිමේන්තුවට ඇවිත් ආර්ථික ප්‍රශනය විසදනවා වෙනුවට මොනවාකරයිද කියලා

අපි පදක්කම යටතෙ තරග කරන්නෙ අපිට වැඩ පිලිවෙලක් තියනවා අපිට දැක්මක් තියනවා මේ ආර්ථිකය ගොඩගන්න

අනුර කුමාර මහතාත් දැන් ණය ගන්නවා ඉස්සර කිවුවේ ණය ගන්න ආණ්ඩු මොකටද කියලා

මේ වෙනකොට කොටි පනස් තුන්දාහක ණය අරන් තියනවා

එහෙම අරගෙන් අහනවා මේකත් ණයක්ද කියලා එතකොට හිතන්න වෙනවා තව තවත් ඉදිරියට ණය ගන්නවා කියලා…

ප්‍රශ්න

ප්‍රබල ඇමතිවරුන් කීපදෙනෙක්ට වත්කම් බැරකම් සම්බන්ධව නඩු දාලා දාලා තියෙනවා ?

කීපදෙනෙක් නෙමෙයි සියලු දෙනාගේම වත්කම් බැරකම් සම්බන්ධව හොයන්න ඕනා අයුතු ලෙස ධනය උපයාගෙන තියෙනවා නම් ඒවා හොයාගත්තේ කොහොමද කියලා හොයන්න ඕනා

ගොඩක් දෙනෙක් ආණ්ඩුව විවේචනය නොකර පැත්තකට වෙලා ඉන්නේ මේ නිසා කියලා හිතනවා ඒගොල්ලෝ ආණ්ඩුව විවේචනය කරන්න බයයි

විමල් වීරවංශ දේශපාලනයෙන් සමු අරන් නැහැ ඒක වැරදි මතයක්

එතුමාලගේ පක්ෂය ගත්ත තීරණයක් අනුව මේ මහ මැතිවරණයට තරග නොකර ඉන්නවා ඒක පක්ෂ ගත්ත උපයා මාර්ගික තීන්දුවක්

එතුමා මෙවර ඡන්ද ව්‍යාපාරයට සහභාගි නොවුණේ ඇයි කියන එක තව මාස කීපයකින් දැනගන්න පුළුවන් වෙයි. 

What's your reaction?

Related Posts

1 of 308

Leave A Reply

Your email address will not be published. Required fields are marked *