පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඇත, රාගම රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇත

2024.10.14 වන දින දහවල් කාලයේදී ජා ඇල පොලිස් වසමේ ඒ කල ප්‍රදේශයේ මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී රාගම රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවට ජා ඇල පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මරණකරු වයස අවුරුදු 36 ක් වූ ඒ කල, ජා ඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මරණකරු ආහාර පාර්සලයක් රැගෙන ඒමට මාර්ගයේ පා ගමනින් ගමන් කරමින් සිටියදී යතුරු පැදියක ගැටී ඇති අතර, එම අවස්ථාවේදී යතුරු පැදිකරු සමඟ බහින් බස් වීමක් සිදුව මරණකරු විසින් යතුරු පැදිකරුට ගලකින් පහරදී ඇත. එහිදී එම ගල අසල තිබූ වෙළඳ සැලක දොරේ වැදී අලාභ සිදුව ඇති අතර, පසුව වෙළඳ සැලේ හිමිකරු සහ තවත් කිහිප දෙනෙකු පැමිණ මරණකරු සමඟ බහින් බස් වීමක් ඇති ඇති වී ඇත. එම අවස්ථාවේ වෙළඳ සැලේ සිට පැමිණි පිරිස අතර සිටි පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් සිදු කළ පහරදීමකින් මෙම මනුෂ්‍ය ඝාතනය සිදුව ඇත. මරණකරු බේරා ගැනීමට පැමිණි තිදෙනෙකුද එහිදී තුවාල ලබා රාගම රෝහලට ඇතුලත් කර ඇත.

මෘත ශරීරය රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධියට අදාල සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ජා ඇල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *