පුද්ගල ඝාතනයක් සම්බන්ධව සැකපිට විහාරස්ථානාධිපති හිමි නමක් අත්අඩංගුවට

මහනුවර ගැටඹේ දියකපනාතොට විහාරස්ථානයේදී කිසියම් පිරිසක් විසින් පහර දී ඝාතනය කර ඇති බවට
සැකකෙරෙන පුද්ගල මළසිරුරක් සොයාගනු ලැබුවේ ඊයේ අලුයම් කාලයේදීයි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් විහාරස්ථානයේ විහාරාධිපති හිමි සහ සිවිල් ආරක්ෂක නිලධාරියෙකු මහනුවර පොලීසියේ
අපරාධ පරීක්ෂණ අංශය මගින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම පුද්ගලයා අලුයම 3.30 ට පමණ විහාරස්ථාන භූමියට ඇතුළු වී තිබෙන බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් විහාරස්ථානය විසින් පොලිසිය දැනුවත් කර නොමැති අතර පහර කෑ පුද්ගලයා රෝහල්
ගත නොකිරීමද සම්බන්ධයෙන් ඇති වූ සැකය මත පොලිසිය විමර්ශන ආරම්භ කර තිබුණා.
ඒ අනුව විහාරාධිපති හිමි ඇතුළු පිරිස සිදුවීම සම්බන්ධයෙන් ලබාදුන් ප්‍රකාශවල පරස්පරතාව මත පොලිසිය විසින්
සිවිල් ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අනතුරුව විහාරාධිපති හිමියන්ද පොලිස් අත්අඩංගුවට ගෙන
තිබෙනවා.
සැකකාර හිමිනම සහ සිවිල් ආරක්ෂක නිලධාරියා අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 22 දක්වා
රක්ෂිත බන්ධනාගාර ගත කිරනු ලැබුවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *