පුරාවස්තු තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

නීති විරෝධී ලෙස ළඟ තබාගත් රත්තරන් බවට සැක කරන පුරාවස්තු තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාව හා පුත්තලම පොලිස් කොට්ඨාශ විමර්ශන කාර්යාංශය එක්ව සිදුකළ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදි මෙම සැකකරුව අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 34 ක් වන අතර ඔහු කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවටයි අනාවරණය වී ඇත්තේ.

සැකකරු සමඟ පොලිස් භාරයට ගත් පුරාවස්තු තොගය නීතිමය කටයුතු සඳහා පුත්තලම පොලිස් කොට්‌ඨාස අපරාධ විමර්ෂණ කාර්යාංශය වෙත බාර දීමට කටයුතු කර තිබුණා.s

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *