පෙබරවාරියේ අපනයන ආදායම 7.9% කින් ඉහළට

මෙම වසරේ පෙබරවාරි මාසය තුළදී වෙළඳ භාණ්ඩ අපනයන ආදායම ඩොලර් මිලියන 1,059 ක් දක්වා පසුගිය වසරට සාපේක්ෂව 7.9% කින් ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම වෙළඳ භාණ්ඩ ආනයන වියදම ද එම කාලයට සාපේක්ෂව ඩොලර් මිලියන 1,378 දක්වා 35% කින් ඉහළ ගොස් ඇති බවයි මහ බැංකුව ප්‍රකාශ කළේ.

වෙළඳ ගිණුමේ හිඟය 2023 වසරේ පෙබරවාරි මාසයේදී පැවති ඩොලර් මිලියන 39 ට සාපේක්ෂව මෙම වසරේ පෙබරවාරි මාසයේදී ඩොලර් මිලියන 319 ක් දක්වා පුලුල් වී ඇති බවද මහ බැංකු වාර්තාවල දැක්වෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *