පෙම්වතියට සහ පෙම්වතියගේ මවට බරපතල තුවාල සිදුකර පෙම්වතා සියදිවි හානිකර ගනී

යාපනය, පණිප්පුලම් ප්‍රදේශයේ දී පුද්ගලයෙකු තම පෙම්වතියට හා පෙම්වතියගේ මවට තියුණු ආයුධයකින් බරපතල තුවාල සිදුකර ගෙල වැලලාගෙන 16 මියගොස් තිබෙනවා.

පොලිසිය පැවසුවේ පසුගිය දිනක දී ඇති වූ අරවුලක් හේතුවෙන් පෙම්වතිය විසින් පෙම්වතා ප්‍රතික්ෂේප කිරීම නිසා මෙම ආරවුල සිදු වී ඇති බව අනාවරණය ඇති බවයි.

එහිදී අදාළ පෙමවතා විසින් පෙම්වතියගේ නිවසට රහසිගතව ඇතුලු වී නිවසේ සිටි පෙම්වතියට සහ පෙම්වතියගේ මවට තියුණු ආයුධයකින් පහරදී බරපතල කැපුම් තුවාල සිදුකොට පලා ගොස් තිබෙනවා.

එහිදී බරපතල තත්ත්වයේ සිටි තරුණිය සහ ඇගේ මව අසල්වාසින් විසින් ඒම අවස්ථාවේදීම රෝහලගත කිරීමට පියවර ගෙන ඇති අතර, මේවන විට ඔවුන් යාපනය ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිති.

ඉලවාලෙයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ පහරදීම සිදුකළ තරුණයා සිය පෙම්වතිය මියගිය බවට සැකකොට පෙම්වතියගේ නිවසට ආසන්නයේ කුඹුරක ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන සිටියදී ඔහුගේ සිරුර සොයාගත් බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *