පෙම් සබඳතාවක් නිසා ඇති වූ ගැටුම වෙසක් බැලීමට ගිය තරුණයාට දිවිය අහිමි කරයි

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ බේස්ලයින් පාරේ බණ්ඩාරනායක වටරවුම ආසන්නයේදී තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් තරුණයෙකු බරපතල තුවාල ලබා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 22ක පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මෙම තරුණයා මියගොස් ඇත්තේ.

ඔහු වෙසක් සිරි නැරඹීම සඳහා තම හිතවතුන් කිහිපදෙනෙකු සමග ඔරුගොඩවත්ත දෙසට ගමන් කරමින් සිටින අතරතුරදී ප්‍රේම සම්බන්ධතාවයක් මුල් කර ගනිමින් ඇති වූ ආරවුලක් මත පිරිසක් විසින් පහරදීමෙන් මෙම ඝාතනය සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඝාතනය සම්බන්ධයෙන් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 14 සහ 18 වයස්වල පසුවන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *