පොහොර ගන්න ගොවීන්ට මිලියන 7500

2024 යල කන්නයේ වී වගාව සඳහා පොහොර මිල දී ගැනීමට රුපියල් මිලියන 7500ක් ගොවි ගිණුම්වලටම යෙදවීමට රජය තීරණය කර තිබේ.

මෙවර යල කන්නයේ වී වගාකරන කුඹුරු හෙක්ටයාර් ලක්ෂ පහකට හෙක්ටයාර් එකකට රුපියල් 15000ක් බැගින් මුදල් ගොවි ගිණුම් වලටම යොමු කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් කටයුතු සංවිධානය කර ඇතැයි ද ඒ සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවටඅමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණ බවද අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙවර ද හෙක්ටයාර් එකකට රුපියල් 15,000ක් මුදලක් බැගින් නැවත අය කර ගැනීමෙන් තොරව ලබා දීමට රජය තීරණය කර තිබේ.

මෙවර යල කන්නයේ පොහොර අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 130,000කි. එමෙන්ම TSP මෙට්‍රික් ටොන් 33,000ක් හා MOP මෙට්‍රික් ටොන් 39,000කි.

2023 වසරේ මහ කන්නය සඳහා ද මේ පරිදි ගොවි ගිණුම්වලට පොහොර මිල දී ගැනීම සඳහා මුල්‍ය ප්‍රතිපාදන යොමු කරනු ලැබීය. ඒ අනුව රජය විසින් ඒ සඳහා රුපියල් මිලියන 11,500ක මුදලක වැය කරනු ලැබීය.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *