පොල් ගෙඩියක් හිසට වැටී දැරියක් මරුට

මහනුවර -ගලහ – දෙල්තොට ප්‍රදේශයේදී හිස මතට පොල් ගෙඩියක් වැටීමෙන් මාස 11 ක් වයසැති දැරියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා .

ඇය පියාගේ ඇකයේ සිටියදී මෙම අනතුරට ලක්ව ඇති බවයි පොලීසිය සදහන් කළේ.

පියා විසින් දැරිය රැගෙන අසල්වැසි නිවසක් වෙත ගොස් ඇති අතර යළි එමින් සිටියදී එම නිවස ආසන්නයේ තිබූ පොල් ගසක ගෙඩියකුයි මෙලෙස වැටී ඇත්තේ.

පසුව දැරිය දෙල්තොට ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා පේරාදෙණිය ශික්ෂණ රෝහල මාරු කර යැවීමෙන් පසු ජීවිතක්ෂයට පත්වුණා.

What's your reaction?

Related Posts

1 of 287

Leave A Reply

Your email address will not be published. Required fields are marked *