පොලිස් පරීක්ෂකවර‍යා හෝටලයකට ගල් ගහලා

පෞද්ගලික ආරවුලක් හේතුවෙන් බීමතින් පැමිණ හෝටලයට හානි කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොනරාගල, බුත්තල ප්‍රදේශයේ පිහිටි හෝටලයක් සම්බන්ධයෙන් යුද හමුදා නිලධාරියෙකු වන සිය සහෝදරයා සමග ඇතිව තිබූ බව කියන ආරවුලක් හේතුවෙන් මෙසේ එම හෝටලයට හානි සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ මඩොල්සිම පොලිසියට අනුයුක්තව රාජකාරී කරමින් සිටියදී විශ්‍රාම පූර්ව නිවාඩු ලබා සිටින 56 හැවිරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක්.

What's your reaction?

Related Posts

1 of 849

Leave A Reply

Your email address will not be published. Required fields are marked *