පොලිසියෙන් ආ විට පැන යද්දී තරුණයෙකු දුම්රියක ගැටී ජීවිතක්ෂයට

මොරටුව අඟුලාන සුසාන භූමිය ආසන්නයේ නිවසක බීමතින් හැසිරුණු තරුණයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පැමිණෙන විට එම තරුණයා නිවසින් පැන යාමේදී දුම්රියක හැපී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ප්‍රදේශවාසීන් පැවසුවේ, එම තරුණයා කළහාකාරී ලෙස හැසිරුණු බැවින් පොලිසිය දැනුවත් කිරීමෙන් පසු පළමු දිනයේ එහි පැමිණි නිලධාරීන් තරුණයාට පහර දී තිබූ බවයි.

එම අවස්ථාවේ තරුණයා නිවසින් පැනගොස් තිබූ අතර, දෙවැනි දිනයේදී යළි පොලිසිය ඔහු අත්අඩංගුවට පැමිණෙන විට තරුණයා යළි දිවගොස් බේරීමට යාමේදී දුම්රියේ හැපී ඇති බව ද ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *