පොලී අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යාමට මහ බැංකුව තීරණය කරයි

පොලී අනුපාතය තවදුරටත් නෙවෙනස්ව පවත්වාගෙන යාමට මහ බැංකුව තීරණය කර තිබෙනවා.

ඒ ඊයේ (27) රැස්වූ මුදල් මණ්ඩලය ගනු ලැබූ තීරණයකට අනුවයි.

ඒ අනුව, නිත්‍ය තැන්පතු අනුපාතය 8.5% හේ මට්ටමේ තව දුරටත් පවත්වාගෙන යාමටයි තීරණ කර ඇත්තේ.

එමෙන්ම, නිත්‍ය ණය පහසුකම් අනුපාතය ද 9.5%ක මට්ටමේ තවදුරටත් පවතිනු ඇතියි.

මේ අතර, මෙරට විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 5.5 දක්වා ඉහළ ගොස් ඇති බවයි මහබැංකුව ප්‍රකාශ කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *