පොහොට්ටුවේ ජනපති අපේක්ෂයා ප්‍රකාශ කිරීම අනිද්දා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිටි දූෂිතයින් ඉවත්වීම පක්ෂයට යහපතක් බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග ප්‍රකාශ කළා.

තවත් දින 50කින් පමණ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි ඔහු කියා සිටියේ.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂකයා අනිද්දා බත්තරමුල්ල, නෙලු‍ම් මාවත පක්ෂ මූලස්ථානයේදී එළිදක්වන බව එම පක්ෂයේ නියෝජිතයින් ප්‍රකාශ කළා.

ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කොළඹ විජේරාම මාවතේ පිහිටි නිල නිවසේ අද පැවති සාකච්ඡාවකින් පසුවයි.

What's your reaction?

Related Posts

1 of 924

Leave A Reply

Your email address will not be published. Required fields are marked *