පොහොට්ටුව මහින්දගේ නිවසට රැස්වෙයි

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කිසිදු ආකාරයකින් රනිල් වික්‍රමසිංහට සහය නොදක්වන බව රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ දී අද (05) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින්.

ඔහු වැඩිදුරටත් පැවසුවේ පක්ෂයේ සිටි දූෂිතයින් ඉවත්වීම පක්ෂයට යහපතක් බවයි.

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා සම්බන්ධයෙන් පක්ෂ තුළ විවිධ මත පළ වුණා.

පිරිසක් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළ කිරීමට තීරණය කර ඇති අතර තවත් පිරිසක් පක්ෂය විසින් ඉදිරිපත් කිරීමට නියමිත බවට පැවසෙන අපේක්ෂකයෙකුට සහය පළ කිරීමට තීරණය කර තිබෙනවා.

කෙසේ වුවත් මෙම අර්බුදයේ ආසන්නතම සිදුවීම ඊයේ (04) වාර්තා වුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් නායකයා ලෙස කටයුතු කළ රෝහිත අබේගුණවර්ධන වත්මන් ජනාධිපතිවරයාට සහය දැක්වීමට එකඟවීමත් සමගයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිසක් පක්ෂය හැර යාම සම්බන්ධයෙන් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග අදහස් පළ කළා.

එහිදී ඔහු පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහට හිමි නොවන බවයි.

එසේම ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළ කිරීමට එක්වූ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගෙන් 90% ක්ම මීළඟ පාර්ලිමේන්තුව සඳහා තේරී පත් නොවන බවයි.

මේ අතර පොදුජන පෙරමුණ තුළ උද්ගතව ඇති වත්මන් අර්බුදකාරී වාතාවරණය සහ අපේක්ෂකයෙකු නම් කිරීම පිළිබඳ තවත් විශේෂ සාකච්ඡාවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ කොළඹ විජේරාමේ පිහිටි නිල නිවසේදී අද (05) දහවල් පවත්වා තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *