“බංකොලොත් ව්‍යාපාර සඳහා හඳුන්වාදෙන කෙටුම්පත”

බංකොලොත් ව්‍යාපාර සඳහා නව කෙටුම්පතක් හඳුන්වාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ඔහු මේ අදහස් පළ කර ඇත්තේ, ඊයේ (19) සංවිධානය කර තිබූ “ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ජවයෙන් ආර්ථිකය පණගන්වන තීරණාත්මක ඇරඹුම” යන වැඩසටහනට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කර ඇති ජනාධිපතිවරයා,

“මේ වන විට අප පරාටේ නීතිය අත්හිටුවා තිබෙනවා. නමුත් එය හැමදාටම අත්හිටුවා තැබීමට නොහැකියි. ඒනිසා අප බංකොළොත්භාවය (Insolvency) පිළිබඳ පනත් කෙටුම්පතක් අලුතින් හඳුන්වාදීමට කටයුතු කරනු ලබනවා. අප දැන් එය ඉදිරිපත් කර තිබෙනවා. ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඔබට එහි පිටපතක් ලබා දීමට හැකියි. පළමුව ඔබ ඒ පිළිබඳ අධ්‍යයනය කරන්න. එහි ප්‍රතිව්‍යුහගතකරණ පිළිබඳව කොටසක් ද අන්තර්ගත වෙනවා.”

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *