බකමූණේ දිරාපත්වන වී ඇඹරුම් සංකීර්ණය

රුපියල් කෝටි ගණන් මහජන මුදල් වැය කරමින් ඇරඹෙන ඇතැම් ව්‍යාපෘති බලධාරීන්ගේ නිසි අවධානය යොමු නොවීම හේතුවෙන් අභාවයට යාම ඛේදජනක තත්ත්වයක්.

පොළොන්නරුව ඇලහැර විවිධ සේවා සමූපකාර සමිතිය යටතේ පාලනය වන අයත් බකමූණ ප්‍රදේශයේ පිහිටි වී ඇඹරුම් සංකීර්ණය ඇලහැර ගොවිජන ව්‍යාපාරයේ ගොවින්ගේ වී අස්වැන්න සහල් බවට පත්කිරීමේ අරමුණින් 1991 වසරේදී ඉදිකෙරෙනවා.

විශාල මුදලක් වැය කරමින් ඉදි කළත් මෙහි සේවය ප්‍රදේශයේ ගොවීන්ට ලබා ගැනීමට හැකිවන්නේ වසර 10ක පමණ කාලයක් පමණයි.

ඉන් අනතුරුව කිසිදු බලධාරියෙකුගේ අවධානය මේ කෙරෙහි යොමුනොවීමේ ප්‍රතිඵලයක් ලෙස මේ වනවිට වී ඇඹරුම් සංකීර්ණය දිරාපත් වෙමින් පවතිනවා.

මීට අමතරව මෙහි වී පොඟවීමට යොදාගත් කොන්ක්‍රීට් ටැංකි සහ අනෙක් ගොඩනැගිලිද වල් බිහිවෙමින් පවතින අතර, ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ වී ඇඹරුම් සංකීර්ණයේ විවිධ අපචාර ක්‍රියාද සිදුවන බවටයි.

හැකි ඉක්මනින් මෙම වී ඇඹරුම් සංකීර්ණය භාවිතයට ගත හැකි ලෙස ප්‍රතිසංස්කරණය කර ජනතා අයිතියට පත්කර දෙන ලෙස ප්‍රදේශවාසීන් ඉල්ලා සිටිනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *