බන්ධනාගාර අධිකාරීවරයාගේ අනුමැතියකින් තොරව පිටතට ගත් සිරකරුවන් නීත්‍යනුකූල අත්අඩංගුවෙන් පැනයාම සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්..

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවන් දස දෙනෙකු (10ක්) 2024.10.01 වන දින ප්‍රධාන ජේලර්වරයාගේ උපදෙස් මත නියාමක නිළධාරියෙකු භාරයේ බන්ධනාගාර පිටත පරීශ්‍රයේ පවිත්‍රතා කටයුතුවල යොදවා ඇති අතර, ඒ අවස්ථාවකදී සිරකරුවන් සිව් දෙනෙකු (04ක්) බන්ධනගාර නිළධාරීන්ගේ නීත්‍යානූකූල අත්අඩංගුවෙන් මිදී පැනගොස් ඇත.

බන්ධනාගාර අධිකාරීවරයාගේ අනුමැතිකන් හෝ විමසීමකින් තොරව පවිත්‍රතා කටයුතු සදහා මෙම සිරකරුවන් ආයතනයෙන් පිටතට ගැනීමට ප්‍රධාන ජේලර්වරයා කටයුතු කර ඇත. පැනගොස් ඇති සිරකරුවන් සිව්දෙනා ගරු අධිකරණයේ විසදීමට නඩු සහිත සිරකරුවන් වන අතර, වසර 21 වැඩි සිරදඩුවමක් හා විසදීමට ඇති නඩු 02ක් සහිත සිරකරුවෙකුද ඒ අතර වේ. මෙලෙස පැනගිය සිරකරුවන සිව් දෙනාගෙන් නැවත සිරකරුවන් තිදෙනෙකු (03ක්) අත්අඩංන්ගුවට ගැනීමට හැකි වී ඇත.

පිටත පවිත්‍රතා සදහා සිරකරුවන් යොමුකිරීම සම්බන්ධයනේ මාතර බන්ධනාගාර සහකාර අධිකාරීවරයාගේ මූලික විමර්ෂණයේ නිර්දේශයට අනුව සිරකරුවන් පිටතට ගැනිමට අනුමැතිය දුන් අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා, පවිත්‍රතා කටයුතු සදහා සිරකරුවන් යොමු කල දෙවන පෙල ජේලර්වරයා සහ පවිත්‍රතා කණ්ඩායම භාරව සිටි නියාමකවරයා මූලික විමර්ශණයට යටත්ව රාජකාරී වැඩ තහනමකට ලක් කර ඇත.

ගාමිණී බී. දිසානායක
බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක)

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *