බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ කාන්තා/පිරිමි නියාමක තනතුර බඳවා ගැනීම සඳහා වන ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බන්ධනාගාර කාන්තා/පිරිමි නියාමක තනතුරේ පැවැති පුරප්පාඩු සඳහා බඳවාගැනීමට 2023.09.15 වන දින නිකුත් කල ගැසට් පත්‍රයේ පරිදි විභාග දෙපාර්තමේන්තුව මගින් ලිඛිත පරීක්ෂණයක් පවත්වන ලදි.

ඒ අනුව, ලිඛිත පරීක්ෂණයෙන් සමත් වු අයදුම්කරුවන්ගේ ශාරීරික යෝග්‍යතාවය පරීක්ෂා කිරීම මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාවය සහිතව 2024.09.07 හා 08 වන දිනවල පල්ලේකැලේ, අගුණකොලපැලැස්ස, අනුරාධපුර සහ කොළඹ යන මධ්‍යස්ථාන වල පැවැත්වීමට කටයුතු යොදා තිබූ නමුත්, නොවැලැක්විය හැකි හේතුවක් නිසා එම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය එදිනට නොපැවැත්වෙන බව දන්වා සිටින අතර, එම ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය 2024.10.05 හා 06 දිනයන්හිදි පැවැත්වීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇති බව සුදුසුකම් ලද සියලුම අයදුම්කරුවන් වෙත දන්වා සිටිමි.

මාධ්‍ය ප්‍රකාශක
බන්ධනාගාර දෙපාර්තමේන්තුව

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *