බබල් එක කඩපු අවස්ථාව විඩියෝ කරපු පුද්ගලයාට කුසල් ස්තුති කරයි

තමා ක්‍රීඩා කළ හොඳම ඉනිම 2017 වසරේ දී එංගලන්තයේදී පැවැති ICC ශූරයින්ගේ කුසලාන තරගාවලියේ දී ඉන්දියාවට එරෙහි ඉනිම බව ශ්‍රී ලංකා එක්දින නායක කුසල් මෙන්ඩිස් සඳහන් කරයි.

දෙරණ රූපවාහිනි නාලිකාවේ වැඩසටහනකට ඊයේ (29) එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ, එම තරගයේ දී තමා සහ ධනුෂ්ක ගුණතිලක පන්දුවට පහර දෙන අවස්ථාවේදී ඉන්දීය ක්‍රිකට් ක්‍රිඩකයින් වන මහේන්ද්‍ර සිං ධෝනි, රෝහිත් ෂර්මා, විරාත් කෝලි සිනා වූ අයුරු අමතක නොවන බවයි.

“මම ටෙස්ට් 100 සහ 150 ඒවා ලබාගෙන තියෙනවා. එක්දින තරගවල 100ට එහා ලබාගෙන තියෙනවා. 20යි 20 හොඳට කරලා තියෙනවා. මම දකින්නේ 2017 එංගලන්තයේදී පැවැති අයි.සී.සී ශූරයින්ගේ කුසලානයේදී මමයි ධනුෂ්ක අයියා සෙල්ලම් කළා ඉන්දියාවත් එක්ක. ඒ තරගයේදී අපි 320ක් හඹාගෙන ගියා. අපේ පළවෙනි කඩුල්ල අඩු ලකුණු සංඛ්‍යාවකට කැඩුනා. ඉතින් මායි ධනුෂ්ක අයියායි පන්දුවට පහර දෙද්දී මම ඇස් දෙකට දැකපු දෙයක් තමයි ධෝනි, ෂර්මා, කෝලියි අපි දිහා බල බල හිනාවුණා… ඉතින් අපි අත්දැකීම් අඩු ක්‍රීඩකයින් දෙන්නෙක්. අපි තරග ප්‍රමාණයක් ක්‍රීඩා කරලා නැහැ. කිසිම පීඩනයක් ඔවුන්ට තිබුණේ නෑ. අපි එංගලන්තයේ ගහන්නෙත් පළවෙනි පාරට. ඒක දැකලා මායි ධනුෂ්ක අයියායි දිගටම ලකුණු අතර ඉද්දි ලකුණු එද්දි ඒ අයගේ පීඩනය අපි දැක්කා. කොච්චර පැනික් වුණාද කියලා. එදා දවසේ ලබාගත් ලකුණු 320 මගේ ඉනිමට වඩා මම කැමති තරගය ඉවර කරපු විදිහ. සමහරවිට කුසල් මෙන්ඩිස් කියන කෙනා ලෝකයක් දැගත්තේ ඒ තරගයෙන්.”

ඒ, වගේම එංගලන්තේ ගිහින් බබල් එක කඩපු එක ගැනත් ඔහු මෙහිදී අදහස් දැක්වූයේ මෙලෙසින්,

“එංගලන්තයේ දී අපි ව විඩියෝ කරපු කෙනාට ස්තුති වන්ත වෙනවා… අපි වැරැද්දක් කලේ බබල් එක කඩපු එක .ඒ වීඩියෝ එකෙන් පස්සේ සෑහෙන්න දෙයක් මං ඉගෙන ගත්තා .එදාම අපිට ලංකාවට එන්න උනා. මට තේරුනා මගේ ක්‍රිකට් එක කොච්චර පල්ලෙහාට ගියාද කියලා .සමහරවිට මට එතතින් එහාට ක්‍රිකට් එක නැති වෙන්නත් තිබ්බා. මං බයේ හිටියෙ පොඩි කාලේ ඉඳන් ගහන් අහපු ක්‍රිකට් එක නැති වෙයි කියලා … ඇත්තටම එක පැත්තකින් විඩියෝ එක කරපු කෙනාට ස්තූතිවන්ත වෙනවා,ඒ දෙයින් පස්සේ මට සෑහෙන්න දේවල් ලැබුනා , ODI ටීම් එකේ කැප්ටන් කරන්නෙත් ඔය දේ හින්දා වෙන්න ඇති … ..”

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *