බයින්ඩන්ට කොවිඩ්

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව පරීක්‍ෂණ මගින් තහවුරු වී ඇති බවත් ඔහු සියුම් රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවත් ධවල මන්දිරය පවසයි.

ඔහුගේ මාධ්‍ය ලේකම් ජීන් පියරේ පැවසුවේ ඒ වෙනුවෙන් ජනාධිපතිවරයාට එන්නත් ලබා දී ඇති බවයි.

ඔහුට මීට පෙර අවස්ථා දෙකකදී ද කොවිඩ් 19 ආසාදනය වී තිබිණි.

81 හැවිරිදි බයිඩ්න් ඊයේ ලාස් වේගාස් හි ආධාරකරුවන් හමුවීමට පැමිණි ආකාරය සහ උත්සවයකදී කතා කරන අයුරු දැකගත හැකි විය.

ඔහු පසුව රාත්‍රියේ පැවති ප්‍රචාරක වැඩසටහනක් අවලංගු කර ඇත.

ජීන් පියරේ සඳහන් කර තිබුණේ ජනාධිපතිවරයා ඩෙලවෙයාර් හි පිහිටි ඔහුගේ නිවසේ හුදෙකලා වීමට සැලසුම් කර ඇති අතර එම කාලය තුළ එහි සිට ඔහුගේ සියලු රාජකාරි සම්පූර්ණයෙන්ම ඉටු කරනු ඇති බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *