බස්නාහිර සහ දකුණේ අපරාධ ක්‍රියාත්මක කළ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට

බස්නාහිර පළාත සහ දකුණු පළාත මූලික කර ගනිමින් ක්‍රියාත්මක පොලිස් විශේෂ මෙහෙයුම යටතේ තවත් සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මුල්ලේරියාව සහ අංගොඩ යන ප්‍රදේශවලදී එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

එමෙන්ම සිදුකරන ලද පරීක්ෂණවලදී එම අපරාධ කල්ලි දෙදෙනා සමග සම්බන්ධතා පවත්වමින් අපරාධවලට සහාය දැක්වූ බවට සැකකෙරෙන තවත් සිව් දෙනෙකුද මෙහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස්නාහිර පළාත සහ දකුණු පළාත මූලික කර ගනිමින් ක්‍රියාත්මක පොලිස් විශේෂ මෙහෙයුම යටතේ පසුගිය මාර්තු මස 19 වනදා සිට අප්‍රේල් මස 13 වනදා දක්වා කාලය තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයින් 412 ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *