බ්‍රසීලයේ නාය යෑමෙන් පුද්ගලයින් 31 දෙනෙකු ජීවිතක්ෂයට

බ්‍රසීලයේ දකුණු දිග ප්‍රාන්තයේ නාය යෑමෙන් පුද්ගලයන් 31 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

මෙයින් පුද්ගලයින් 70කට වැඩි පිරිසක් තවමත් අතුරුදහන් වී ඇති අතර, තවත් 17,000ක් අවතැන් වී ඇති බවයි සඳහන් වන්නේ.

නාය යෑමෙන් වේලක් ද කඩා වැටී තිබෙනවා.

එමෙන්ම, බෙන්ටෝ නගරයේ තවත් වේල්ලක් ද කඩා වැටීමේ අවදානමක් පවතින බව ද සඳහන් වෙනවා.

ඒ ආසන්නයේ වෙසෙන ජනතාවට ඉවත් වන ලෙසට නියෝග කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *