බිත්තර මිල ඉහළ දැමුවොත් යලි ආනයනය කරන බව ඇමති කියයි

බිත්තර මිල ඉහළ දැමීමට කටයුතු කළහොත් යළිත් වරක් ඉන්දියාවෙන් බිත්තර ගෙන්වීමට කටයුතු කරන බව වෙළද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු ප්‍රකාශ කළා.

කෙසේවෙතත් පසුගිය දින කිහිපයේ සුලු මිල පහල යාමක් දක්නට ලැබුණු දේශීය බිත්තරයක මිල මේ වනවිට රුපියල් 50 දක්වා යලි ඉහළ ගොස් තිබෙනවා.

උත්සව සමයත් සමග ඉල්ලුම ඉහළ යාම බිත්තරයක මිල ඉහළ යාමට හේතු වී ඇතැයි වෙළඳපොළ දත්ත සඳහන් කළා. එමෙන්ම, දේශීය වෙළදපොළේ ලොකු ළුෑණු මිල තවමත් ඉහළ මට්ටමක පවතිනවා. එහි මිල සටහන් වන්නේ රුපියල් 600 ත් 700 ත් අතර අගයකයි.

කෙසේ වෙතත් ලොකු ළුෑණු කිලෝවක ඇස්තමේන්තු සිල්ලර මිල පරාසය රුපියල් 298 ත් 328 ත් අතර පැවතිය යුතු බවට පාරිභෝගික අධිකාරිය නිවේදනය කර තිබුණා. මේ අතර, රජය විසින් සහල් කිලෝ 10 බැගින් පවුල් ලක්ෂ 30 ක් සදහා බෙදාදීමට සැලසුම් කළ සහල් අලු‍ත් අවුරුද්දට පෙර ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් දී තිබෙනවා.

මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කළේ අප්‍රෙල් 21 සහ මැයි මාසයේදී එම සහල් බෙදා දීමට සැලසුම් කර තිබූ බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *