බිරිඳගේ මාස්ටර් ප්ලෑනෙන් සැමියා රෝහලේ

විවාහක සැමියාට නිදි පෙති දී අනියම් සැමියා නිවසට ගෙන්වා ගත් කාන්තාවක් මස්කෙළිය පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයට හමුවට ඊයේ (06) පැමිණවීමෙන් අනතුරුව මේ මස (15) වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස එහිදී නියෝග කර තිබෙනවා.

නිඳි පෙති පානය කළ බව කියන සැකකාර කාන්තාවගේ සැමියා නිඳන්ගත අපස්මාර රෝගය සඳහා ප්‍රථිකාර ලබමින් පසුවෙන පුද්ගලයෙක් බවටයි වාර්තා වන්නේ.

සැකකාර කාන්තාව හා ඇගේ සැමියා මස්කෙළිය ප්‍රාදේශිය රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායකයන් ලෙස සේවය කරන අයවළුන් වන අතර මොවුන් පදිංචිව සිට ඇත්තේ මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ නිල නිවාසයකයි.

අප්‍රේල් මස (13) වන දින නියමිත වැඩ මුරය නිමා කර නිවසට පැමිණි තම සැමියාගේ කිරි තේ එකට නිඳි පෙති කළවම්කර දී ඇති මෙම කාන්තාව එම රෝහලේම සෞඛ්‍ය කාර්ය සහායකයන් ලෙස සේවය කරන පුද්ගලයාට දුරකතන ඇමතුමක් ලබා දී නිවසට ගෙන්වා ගත් බවට සැමියාගේ හා සැකකාර කාන්තාවගේ දෙමව්පියන් ඉදිරිපිට පාපොච්චාරණයක් කර ඇති බව මස්කෙළිය පොලීසිය පැවසුවා.

දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර සිටි සෞඛ්‍ය කාර්ය සහයකගේ රුධිර සාම්පල් ලබාගෙන අධිකරණ වෛද්‍යවරයා මාර්ගයෙන් රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තාවක් ලබා ගැනීම සඳහා කටයුතු කර ඇති බව මස්කෙළිය පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *