බිහිසුණු අනතුරින් තුවාල ලැබූ මිතුරියන් දෙදෙනාගෙන් එක් අයෙකුට දිවි අහිමි වෙයි

පසුගිය 27වැනිදා බිබිල මොනරාගල මාර්ගයේ සිදුවූ බිහිසුණු අනතුරින් තුවාල ලබා රෝගල් ගත කළ සිසුවියන් දෙදෙනාගෙන් එක් අයෙක් ජීවිතක්ෂයට පත්වි තිබෙනවා.

මෙම සිසුවියන් දෙදෙනා උපකාරක පංතියකට සහභාගී වී සවස පහට පමණ බිබිල මොනරාගල මාර්ගයේ විදුහල ඉදිරිපිට රෙදිපිළි අලෙවි සලක් ඉදිරිපිට පාර අයිනේ තාර ගැට්ට අසල රැඳී සිට තිබෙනවා.

එම අවස්ථාවේ පැමිණි මෝටර් රථයේ රියැදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකි වී රථය මෙම සිසුවියන් දෙදෙනාගේ ඇගේ වැදී තිබෙනවා.

බරපතල තුවාල ලැබූ සිසුවියන් දෙදෙනා බිබිල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අසාධ්‍ය තත්ත්වයෙන් සිටි දුලාෂි කේෂලා නම් අවුරුදු 15ක සිසුවිය මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි හිරු වාර්තාකරු සඳහන්කර සිටියේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *