බිහිසුණු ගිලන් රථ අනතුරක්

දික්ඔය මුලික රෝහලේ සිට නොර්වුඩ් ස්ටොක්හොම් වතුයාය දක්වා ධාවනය වු එම වතුයායට අයත් ගිලන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් වි ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසුවා.

මෙම අනතුර සිදු වි ඇත්තේ අද (22) පස්වරු 4:00ට පමණ, හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ නොර්වුඩ් නිව්වැලිගම ප්‍රදේශයේදී.

දික්ඔය මුලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා රෝහලෙන් බැහැර කරන ලද එම වතුයායේ රෝගින් තිදෙනෙකු රැගෙන ධාවනය වු ගිලන් රථය නොර්වුඩ් ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග ගිලන් රථය ලිස්සාගොස් මාර්ගය අභියස පිහිටි බොක්කුවක් මත පෙරලි ඇති බවයි අනතුර පිලිබදව පරික්ෂණ පවත්වන නොර්වුඩ් පොලිසිය කියා සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ගිලන් රථය අනතුරට පත්වන අවස්තාවේ ගිලන් රථය තුල තිදෙනෙකු සිට ඇති බවත්, අනතුරෙන් කිසිවෙකු තුවාල සිදු වි නොමැති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *