බීමත් රියදුරෙක් ඇල්ලුවොත් රු.5000ක් තෑගි

බීමත් රියදුරෙකු අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරියාට රුපියල් 5000ක ත්‍යාගයක් හිමිවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව අද (12) පැවසුවා.

එහිදී මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ බීමත් රියදුරෙකු අත්අඩංගුවට ගැනීම සඳහා වාහන රාශියක් පරීක්ෂා කිරීමට සිදුවන බවත්, ඒ සඳහා රාජකාරියේ නියැලෙන නිලධාරියා උනන්දු කරවීම සඳහා එම ත්‍යාගය ලබාදෙන බවයි.

එමෙන්ම අවුරුදු සමයේ බීමතින් රිය පදවන රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් පැය විසි හතර පුරා යොදවා ඇති බවත් විශේෂ යතුරුපැදි කණ්ඩායම්ද යොදවා ඇති බවත් ඔහු පැවසුවා.

අධික වේගයෙන් රිය පැදවීම, මංතීරු නීති උල්ලංඝනය කරමින් රිය පැදවීම හා මාර්ග තදබද ඇති අවස්ථාවල අපරික්ෂාකාරී ලෙස රිය පදවන රියදුරන්ට නීතිය තදින් ක්‍රියාත්මක කරන බවද නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව එහිදී සඳහන් කළා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *