බීමතින් ගොස් ඇමති රථයේ ගැටුණු පොලිස් අධිකාරීවරයා අත්අඩංගුවට

මත්පැන් පානය කර තම නිල රථය පදවා අනතුරක් සිදු කිරීම හේතුවෙන් සහකාර පොලිස් අධිකාරීවරයෙකුව පුත්තලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පුත්තලම කොට්ඨාසයේ අංක 2 සහකාර පොලිස් අධිකාරීවරයාවයායි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඊයේ රාත්‍රීයේ පුත්තලම – හලාවත මාර්ගයේ පාලාවිය ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ගමන් කරමින් සිටි මෝටර් රථය සහ සහකාර පොලිස් අධිකාරීවරයා පදවමින් සිටි මෝටර් රථය මෙලෙස ගැටී ඇති බවයි පොලිසිය සදහන් කළේ.

අනතුරින් කිසිවෙකුටත් හානියක් සිදුව තිබුණේ නැහැ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *