බී. එම්. ඩී. නිලුෂා බාලසූරිය ආගමන හා විගමන පාලක ජනරාල් තනතුරේ වැඩබැලීමට

බී. එම්. ඩී. නිලුෂා බාලසූරිය වහාම ක්‍රියාත්මක වන පරිදි ආගමන හා විගමන පාලක ජනරාල් තනතුරේ වැඩබැලීම සඳහා පත් කිරීම පිණිස මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

ආගමන හා විගමන පාලක ජනරාල් ලෙස සේවය කළ අයි. එස්. එච්. ජේ. ඉලුක්පිටිය සැප්තැම්බර් 25 වනදා සිට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ ඇති බැවින් එම තීරණය ගෙන තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක ලෙස දැනට සේවය කරනු ලබන බාලසූරිය ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියකි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *